BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • අධික මුදලකට වෙන්දේසි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මේ වන විට අසාර්ථකත්වයට පත්ව සිටිති.

    IPL 2024: ප්‍රබල ක්‍රීඩකයින් වෙනුවෙන් වැය කළ කෝටි ගණන් සල්ලි මෙවර 'වතුරේ යයි ද?'

    ලෝකයේ වැඩි ම අවධානයට පාත්‍ර වූ ක්‍රිකට් තරගාවලියක් ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 17 වන අදියරේ සමස්ත තරග 74න් 41ක් මේ වන විට අවසන් වී තිබේ. මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ, අධික මුදල්වලට මිල දී ගැනුණු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවට අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයින් විශිෂ්ට දක්ෂතා දැක්වීම ය. අධික මුදලකට වෙන්දේසි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මේ වන විට අසාර්ථකත්වයට පත්ව සිටිති.

  •  සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අද (අප්‍රේල් 25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.

    අත්අඩංගුවට ගෙන පැය කිහිපයකින් උපුල් ශාන්ත සන්නස්ගලට ඇප ලැබුණේ කොහොම ද?

    සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල අප්‍රේල් 25 පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පස්වරුවේ ඇප මත මුදා හැරිණි. වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන නියෝග කළේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත ඔහු මුදා හරින ලෙස ය‍.

  • ලියන්න විශේෂ කාලයක් කියල එකක් නැහැ. මම උදෙත් ලියනවා දවලුත් ලියනවා රෑත් ලියනවා. ලියන්නෙ පරිගණකයෙන් නිසා මට කාමරේ ඉන්න සිද්ධ වෙනවා. ලියන වෙලාවට කවුරුහරි ආවොත් ගිහින් කතා කරනවා. වෙන වැඩක් තිබුණොත් ඒකටත් නැගිටල යනවා. ලියන එක මගෙ රොමෑන්ටික් වැඩක් නෙමෙයි.

    'මම ලියන හැටි': ආරියවංශ අබේසේකර

    මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි.'දාගේ' කෘතිය ඔස්සේ 1988 දී නවකතාකරණයට ප්‍රවේශ වන ඔහු චාරුමන්දා, මතකවත, මාතෘකාවක් සොයන වචන අනූ තුන්දාහක් සහ ආරාමදාස යන නවකතා රචනා කරමින් සිය අනන්‍යතාව සිංහල සාහිත්‍යය තුළ සලකුණු කර ඇත.

  • Palestinian Flag

    ඇතැම් රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිනොගන්නේ ඇයි?

    පලස්තීන අධිකාරියට 2012 සිට නිරීක්ෂක තත්ත්වයක් හිමිව ඇති, නමුත් පලස්තීන රාජ්‍යයකට පූර්ණ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා දීමේ යෝජනාවක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී එක්සත් ජනපදය විසින් නිෂේධ බලයෙන් ප්‍රතික්ෂේප කරන ලදී.

  • ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මියගිය මවකගේ කුසෙන් බිළිඳියක

    වීඩියෝ, ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මියගිය මවකගේ කුසෙන් බිළිඳියක බේරා ගැනේධාවන කාලය, 1,47

    ගාසා තීරයේ රෆා හි පිහිටි සිය නිවස ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඇගේ ජීවිතය අවසන් වීමට පෙර සබ්රීන් මාස හතහමාරක ගැබිනියක් වූවාය.ප්‍රහාරයෙන් ඇගේ ජීවිතය අහිමිවූ නමුත් කුස තුළ සිටි ඇගේ බිළිඳියගේ ජීවිතයට අනතුරක් නොවීය.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

    ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

    මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (අප්‍රේල් මස 24 වෙනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ය.

  • මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ. පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සමීපව කටයුතු කරනු ලබයි.

  • ''මගේ කාර් එකෙන් එළියට එනකොට පැත්තෙන් පේනවා හැප්පිච්ච කර දෙක රෝල්වෙලා එනවා.''

    'Fox Hill Supercross 2024' ධාවන තරගය: දියතලාවේ දී සිදුවූ අනතුරට හේතුව කුමක්ද ?

    සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ෆොක්ස් හිල්-2024 මෝටර් රථ ධාවන තරගයට සහභාගි වූ රියැදුරන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවයට පැවසීය. එලෙස අත්අඩංගුවට පත්වූ රියැදුරන් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔවුන් දෙදෙනාව රෝහලට ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන ලදී.

  • 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

    අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ

    රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

  • "ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්‍. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ.

    දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

    'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ. ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

වැඩිපුරම කියැවූ