BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

  • පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ.

    'වසර දෙකකදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25ක් රට හැර ගිහින්; ඩොලර් මිලියන 10,000ක් ශ්‍රී ලංකාවට එවලා'

    පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. එම සංඛ්‍යා ලේඛන අනුව, 2022 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,127,758 දෙනෙකු සහ 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,437,607 දෙනෙකු විදේශ රටවලට සංක්‍රමණය වී ඇත.

  • ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.

    වීඩියෝ, අඩි 07යි අඟල් 02ක් උස ගුණසිංහම් ලංකාවේ උසම මිනිසා ද ?ධාවන කාලය, 2,31

    මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ගුණසිංහම් කසේන්ද්‍රන්ගේ උස අඩි 07යි අඟල් 02කි. ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.

  • මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    මෙරට දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක් පොලිසියට

    සියලුම සමාජ මාධ්‍යවල හෝ සයිබර් අවකාශයට ළමයෙකුගේ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන යම් පුද්ගලයෙකු විසින් මුදාහරින්නේ නම්, සමාජ මාධ්‍ය තුළ බෙදාහරින්නේ නම් හෝ එවැනි වීඩියෝ නිතර නිතර නරඹනවා නම් එම තොරතුරු අදාළ සමාජ මාධ්‍ය තුළින් සහ සයිබර් අවකාශයේ අනෙකුත් සේවා සපයන ආයතන විසින් NCMEC දත්ත පද්ධතිය වෙත යොමු කෙරේ. පසුව එම දත්ත පද්ධතිය විසින් එම තොරතුරු අදාළ අපරාධකරුවන් සහ වින්දිත දරුවන් සිටින රටවල්වලට යොමු කරනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ද එම දත්ත පද්ධතිය සමග සමීපව කටයුතු කරනු ලබයි.

  • ''මගේ කාර් එකෙන් එළියට එනකොට පැත්තෙන් පේනවා හැප්පිච්ච කර දෙක රෝල්වෙලා එනවා.''

    'Fox Hill Supercross 2024' ධාවන තරගය: දියතලාවේ දී සිදුවූ අනතුරට හේතුව කුමක්ද ?

    සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ එම ෆොක්ස් හිල්-2024 මෝටර් රථ ධාවන තරගයට සහභාගි වූ රියැදුරන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවයට පැවසීය. එලෙස අත්අඩංගුවට පත්වූ රියැදුරන් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔවුන් දෙදෙනාව රෝහලට ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන ලදී.

  • ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් නොවැම්බර් මාසයේදී තරග කරනු ඇත.

    ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් - ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද යන්න තීරණය කළ හැකි කරුණු හතරක්

    ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් නොවැම්බර් මාසයේදී තරග කරනු ඇත. මෙම තරගය නූතන ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙස සනිටුහන් වන්නේ, එය වත්මන් ජනාධිපතිවරයෙකු අතර සහ ඔහුගේ ආසන්නතම පූර්වගාමියා අතර නැවත පැවැත්වෙන තරගයක් හේතුවෙනි.

ශ්‍රී ලංකාව

ලෝකය

ක්‍රීඩා

වීඩියෝ

විශේෂාංග

  • "මම ඔබට කලින් කිව්ව වගේ මම වැඩිපුර කැමති කියවන්න. කියවීම නිසා තමයි මම ලේඛකයෙක් වුණේ. මම ඇත්තටම නවකතාකරුවෙක් වෙන්නේ මගෙ වයස අවුරුදු හැට වුණාට පස්සෙ. ඊට පෙර ඓතිහාසික ලිපි ලියල තිබුණත් නවකතා ලියල තිබුණේ නැහැ"

    'මම ලියන හැටි' : පී. බී. ජයසේකර

    'මරියා සිලොනිකා වස්තුව' නවකතාව 2013 වසරේ දී ප්‍රකාශයට පත් කරමින් සිංහල නවකතාකරණයට ප්‍රවේශ වන පී. බී. ජයසේකර 'අවලමා සහ ඇහැටුව', 'ඉක්බිතිව ඔහු මරාපීහ', 'බලව, කඳුළු ගිනි', 'මා ප්‍රති. මා', සහ 'උසාවි ගිය නෙරූඩා නොහොත් කාමඝෝර කවියා' යනා දී නවකතා ඔස්සේ සුවිශේෂී පාඨක විචාරක අවදානයකට පාත්‍ර වී ඇත.

  • 2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

    අවුරුදු ගීතයක් විකෘති කිරීම: 'මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න පියවර ගත යුතුයි' - රෝහණ බැද්දගේ

    රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගායනා කළ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) නීතිඥ චන්න වීරක්කොඩි පැවසීය. ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

  • "ළමයින්ගේ ඡායාරූප පළ කරනවා නම් අවසර ගන්න පාර්ශව දෙකයි නේ තියෙන්නේ. එක් පාර්ශවයක් තමයි දෙමව්පියන්‍. අනෙක් පාර්ශවය ඒ දරුවන්. දරුවන් ගැන තීරණ ගන්න දෙමාපියන්ට පුළුවන් වුණාට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන්න දෙමාපියන්ට අයිතියක් නෑ.

    දෙමාපියන්ට, ගුරුවරුන්ට දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ හැකි ද?

    'ළමයා යන්නෙන් වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු අදහස් වන' බව 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි නිර්වචනය කර තිබේ. ළමුන්ගේ ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම හරහා විවිධ ළමා අපයෝජන සිදු විය හැකි බව විශේෂඥ මතයයි.

  • අලුත් අවුරුද්ද සඳහා දින සහ නැකැත් පිළියෙළ කරනුයේ, ඉන්දියාවේ ශක රාජ වර්ෂ ක්‍රමය අනුව ය.

    සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා මුසු වී ඇති බාහිර සංස්කෘතික අංග ගැන විමසා බැලීමක්

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ජනතාව එක්ව සමරන අලුත් අවුරුද්ද යනු සංස්කෘතියකි.මෙම ලිපිය මගින් උත්සහ කරනුයේ, අලුත් අවුරුද්ද සමග මිශ්‍ර වී ඇති බාහිර සංස්කෘතික අංගයන් පිළිබඳව පැහැදිලි කිරීමට ය.

  • දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

    මැදවච්චියේ තරුණයෙකුට වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට සිදු ව ඇත්තේ පොලිස් පහරදීමෙන් ද?

    අනුරාධපුරය, මැදවච්චිය ප්‍රදේශයේ දී පොලිස් අණ නොතකා වාහනයක් ධාවනය කළ බව කියන සිදුවීමකට පොලිසිය විසින් සිදුකළ බව කියන පහර දීමකින් තුවාල ලැබූ තරුණයෙකු මේ වන විට රෝහල් ගත කර සිටියි. ඉකුත් අප්‍රේල් මස 07 වෙනිදා රාත්‍රියේදී සිදු වූ බව කියන එම සිදුවීමට මුහුණ පා ඇත්තේ මැදවච්චිය, තුලාවේලිය ගම්මානයේ පදිංචිකරුවෙකු වන 23 හැවිරිදි තරුණයෙකු යි. දැනට අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති එම තරුණයා පවසන්නේ පොලිසියෙන් සිදුකළ පහරදීමෙන් සිය වෘෂණ කෝෂයකට සිදුවූ හානිය හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ බවයි.

වැඩිපුරම කියැවූ